Monday

හෙලෝ ? කවුරුත් ඉන්නවද ?





හෙලෝ ? කවුරුත් ඉන්නවද ?

Blog එක හැල හොල්මනක් නැති නිසා ඔන්න මේ ජීවිතේට මෙව්ව ලියල නැති මටත් ලියන්න හිතුන මොනව හරි.

කට්ටිය හෝ හෝ ගාල වැඩ පටන් අරගෙන. එහෙන් නටනව. මෙහෙන් සින්දු කියනව. (සද්දෙ පොඩ්ඩක් අඩු කරොත් හොදයි කියල කියනව ඉතින්) ඇඩෙනවා කට්ටියගේ talents දැක්කම. ඒවට විතරක් නෙමේ, ඕනෑම අගුලක් විවෘත කිරීමේ හැකියාවෙන් කෙල පැමිණිල ඉන්න අය පවා දහයේ ඉන්නව කියල ලඟදී තමයි දැනගත්තේ. ඔය අස්සෙ හවසට හවසට canteen එක උඩ හරියෙ ලොවම පිලිගත් උපාධියක් දෙන පාඨමාලාවක් යනව කියලත් NEWS එකක් එනව. පින්සලක්, රිජිෆෝම් කෑල්ලක්, වැලි කඩදහියක් එහෙම අල්ලල තියන සහ නැති උදවිය පැත්තෙ ගියොත් ඔන්න මොනව හරි කරගන්න පුළුවන් වෙයි.

අරගොල්ලො මෙහෙම ගියා.. අපි ඊට වඩා ලොකු එකක් යමු. අපේ කට්ටිය ට්‍රිප් යන්නෙ මෙහෙමලු ඉතින්. කමක් නෑ ඉතින්, එහෙම හරි ඒ වගේ දේකට හිතක් පහල වෙන එක. ට්‍රිප් එක ගියාට වැඩක් නෑ, අර අගලෙයි මේ අගලෙයි හැම තැනම එක එක තාලෙට පොටෝ ටිකක් ගත්තෙ නැත්නම්. ඒවත් DSLR එකකින් වගේ ගත්තොත් පන්කාදුයි. හැබැයි ඉතින් කිසි ගතියක් නෑ selfies ගොඩකුත් ගන්නකන්. අන්න එහෙම කැමරා කාචයක සටහන් වෙලා තිබ්බ, මොකක්ද පිරිමි අවයවයකට සම්බන්ධ ගහක් උස්සන්න යන සිද්ධියක්. Fund Raising කරන්න කියල නිකන් මොකටද හිරේ යන්නෙ, පන වුනත් දෙන ජාතියේ මිනිස්සු ටිකක් ඉන්නවනෙ කියල, ගහපියකො පෑනක්.


උස මහත තාත්තල වගේ කොල්ලො අපේ batch එකේ වැඩිය නෑ කියන එක හැමෝම දන්න දෙයක්. ( එහෙම වුනා කියල අපේ ගෑනු ටික පොඩි බැච් වල හෙන කඳයන්ට සෙම හල හල හූල්ලල හරියනවද? ) ඉතින් මේ ප්‍රියමනාප කස්ටිය දෙන දෙයක් මිනිස්සු නොගෙන ඉදීද ? 10යේ මෙඩ්ඩෝ ටික පහුගිය ටිකේ උගුරු කඩාගෙන අව්වේ කට්ට කකා විස්ස විස්ස එකතු කරපු හැටි රටම දැක්ක. විකුනපු විකිනිල්ලට,  අනික් ෆැකල්ටි වල අපි වගේම, ගෙදරට වෙලා අලයක් බාගෙන පාඩුවෙ ඉන් නැතුව Book Fair එකට ඇවිත් එක එක ඒව විකුනපු අය අකුලගෙන ගියාලු ඉතින්. අපේ අරාබියේ සහෝදරයට මිනිස්සු ප්‍රසන්සා පවා කරා කියල සවනට වැකුන මගෙ. Uniform ඇඳගත්ත අය ඇවිත් අපිව එලියට දැම්මත්, පොලිසියෙන් කචල් දැම්මත්, අපේ සුපිරි සෙට් එක දැනට දවස් තුනට පෑන් 5000 කට වඩා වික්ක. ඉස්සරහට තව වැඩි වෙයි. තවත් පස් දෙනෙක් මාතර පැත්තෙ ට්‍රිප් එකක් ගිහින් එන ගමන් පෑන් බර ගානකට වග කිව්ව. හයේ හතරෙ බයියල දෙකට නැමිල SORRY AIYE කියාගෙන යන ගානට පෑන් වික්කෙ කළුතර පැත්තෙනෙ. ඒ අවටම අපේම සුපිරි  බුවෙක් තනියෙන් ගෙදර වටේ පෑන් 300 කට ලඟ ගානක් වික්ක කියන්නෙ පුදුම ආඩම්බරේකින්. ඉරිදා ආවෙ නැති කට්ටියට ඉතින් අපේ ආදරණීය අම්මා කෙනෙක්ගෙ අයිස් ක්‍රීම් පාටිය මිස් වුනා. මේ සති අන්තෙනම් ක්‍රමානුකූලව ආපු අපෙ කට්ටිය අඩු වුනා. ඉස්සරහට එහෙම නොවෙන්න කියල පඩුරක් වත් ගැට ගහන්න යන්න ඕනේ පන්සල පැත්තෙ.

කට්ටිය ගේමට සෙට් වෙන්න. මට බ්ලොග් ලියන්න පුළුවන් නම් ඉතින් නින්නාදෙ අපිට ලොවෙත් ලස්සනට කෙරුවහැකි. අර කතාවකුත් තියෙන්නෙ හිත ඇත්නම් මොකක්ද එක කුඩාද කියල. ආයිත් kick එකක් ආවම මොනව හරි කුරුටු ගාන්නම්.

-සු.ලී.-