කිටී ඉපදුනු දවසේ ඉදන් කිටි අම්මගේ කිරි
බීලා , හැඩි දැඩි
වෙලා මොන්ටසෝරි යන්න පටන් ගත්තා…
ඊට පස්සේ එකේ ඉදන් එකොළහ වසර වෙනකන් කිටියා කිටීගේ
සිඟිති ලෝකයේ ජීවත් වුනා…
ඒ අස්සේ නොතේරෙන සිස්සත්වයටත් ලිව්වා, ඒක මේ
කිටියනම් පේල් වුනා, ඒ වුනාට තව කට්ටියක් පට්ටෙටම පාස් වුනා
ඊට පස්සේ කරපු දේවල් මතක්
වෙද්දි කිටීට හෙන හිනා... හා හා හා
( ජීවිතේටම
කියලා පට්ට යාලුවෝ
සෙට් එකක් සෙට් වෙච්ච කාලේ...)
කිටියා හිටපු හැටියට, කුණු බැණුම්
අහගෙන, කොහොමහරි
කරලා අන්තිමට හෙන ගේමක් දීලා සාපෙත් පාස් වුනා
“ඉතින් ඊට
පස්සේ...”
ඊට පස්සේ කිටී "භය"ලොජි
ස්ට්‍රීම් එක තෝර ගත්තා පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් හින්ද...
“වෙද නලාව කර
වටේ දාගෙන පට්ට කාර් එකක ආතල් ලයිෆ් එකක් සෙට් කරගන්න තිබ්බ ආසව බන්…”
ඔන්න ඉතින් ඒකට කියලා කිටී හෙන “කටු” ගොඩාක් කෑවා...
ඉස්කෝලේ ගියා,
අමතර ටියුෂන් ක්ලාස් ගියා.. සමහර දවස් වල පාරේ බස් තිබ්බෙත්
නැහැ රෑ වෙනකොට.. බස් එක තිබ්බත් යන්නේ ෆුට් බෝඩ් එකේ... ඉතින් ගෙදර යද්දී ඉතින්
හෙන හතේ ගහලා වගේ මැරිලා... සමහර දවස් වලට ගෙදර එද්දී කන්න තිබුනේ රෝස් කරපු පාන් බාගයයි, ප්ලේන් ටී
එකයි... ඒත් වෙද නලාවට තිබ්බ ආසාව හින්ද මහ රෑ වෙනකම් පාඩම් කරලා හෙන ගේමක් දීලා කොළඹ
මෙඩිකල් ෆැකල්ටියට පූරුවෙ කරපු පිනකට තේරුනා...
ඔන්න ඉතින් හීනෙන් භාගයක් හරි... ඉතින් ෂෝයි
කියලා ෆැකල්ටි එකටත් ආවා... අම්මේ
!!! පලවෙනි දවසේ කට්ටියව දකිද්දී සුර ලෝකෙට කිටී ආව කියල
තමයි හිතුනේ.. ෂා අක්කලාව දකිද්දී තවත් ආස හිතුනා.. හෙ හෙ ( කව්ද හිතුවේ මේක තවත් කටු
ගොඩක ආරම්භයක් කියල)
කොහොම හරි කරලා ඔන්න ඔතනදී...
ඔන්න ඔතනදී තමයි දහයේ උඹලා සෙට් වුනේ..
අපි ඊට පස්සේ පූස් විභාග ලියලා IBSS, module exams ලියලා Fresher’s කරලා.. කරපු දේවල්
ඔක්කොම මතක් කරන්න ඕනේ නැහැනේ... ආහ් සු.ලෝ ඒ
ගැන හොදට බ්ලොග් එකේ ලියලා තියෙනවනේ
ආහ් කට්ටිය එක එක සීන්
වලදී ඇණ ගත්ත අවස්ථා අනන්තයි අප්‍රමාණයි ස්වල්පයයි නොදැක්කට...
අඩේ ඔන්න ෆැකල්ටි ජීවිතේ අවුරුදු තුනකුත්
ඉවරයි... අවුරුදු 3ක්ම ඉවරයි..
කොච්චර කටු කෑවත්,
ඒවා මහ රහයි ඕයි "මගේ
ලයිෆ් එක පුල් මාර්වලොස් " හරියටම ගප්පියා කියනව වගේ... ලොල්
ඉතින් දැන් කස්ටිය හිතෙනවා ඇති ඇයි මේ කිටී
"කිටීගේ කතාව" ගෙන හැර පාන්නේ කියලා...
ඒ මොකද...
අපි හැමෝටම අපේම කියලා කතාවක් තියෙනවා… ඒත් අන්තිමට
අපිට මතක් වෙන්න කියලා ඉතිරි වෙන්නේ අපි මේ කාලේ කරන කරපු දේවල්...
තව අවුරුදු 2යි මචන් වැඩිම
වුනොත් 3යි... අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා, ඒවා ඔක්කොම
අමතක කරලා දාලා ඕන් ආතල් එකක් ගන්න තවත් මරේ මරු අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ...
ඉතින්,
දැන් අපි හැමෝම කාපු කටු, කන කටු සහ
කන්න තියෙන කටු ගැන හිතාගෙනම පොඩි කට්ටක් කමු, අපේ ගත සිත පින වන්න…
"නින්නාද"
අපි අපේ දහයේ නින්නාදේ අපේ ජීවිතයේ සොදුරු
මතක ගොන්නට තවත් එක් සුන්දර මතකයක් කරගමු.
ඒකටත් සෙට් එකම තවත් එක් කට්ටක් නොවන, රස කට්ටක් කමු හොදේ...
-කිටී-